පරිඝණකයේ වෛරස් එකක් තියෙනවා කියලා හදුනා ගන්නේ කොහොමද?
- 1.Task Manager/Run ක්‍රියා විරහිත වීම.
- 2.Folder Option, Control Panel වලින් ඉවත් වී තිබීම.
- 3.Hidden Folders & Files Show නොවීම.
- 4.Local Disk වෙත පිවිසීමට ඩබල් ක්ලික් කළාම අලුත් වින්ඩෝ එකකින් විවෘත වීම
- 5.Local Disk වෙත ඩබල් ක්ලික් කර පිවිසිය නොහැකි වීම.
- 6.Local Disk මත ඩබල් ක්ලික් කළ විට error message එකක් දිස් වීම.
- 7.පරිගනකයේ Icon වෙනස් වී තිබීම.
- 8.සමහර Program/Software නිසි ආකාරව ධාවනය නොවීම.
මොකද්ද මේ "Torrent"?
(මෙය උපුටාගත් ලිපියකි.)
ඔන්න අද මම කතාකරන්න යන්නේ හැමෝම වගේ දන්නා දෙයක් ගැන. දන්නවා උනාට කමක් නෑ. කියවල ඉන්නකෝ. සමහරවිට නොදන්නා කරුණු තියෙන්නත් පුළුවන් නේ. "Torrent". සමහර අයට මේ වචනේ කිව්වත් තරහ යනවා. තවත් සමහර අය IT ගැන කතා කරද්දී කැමතිම වචනේ Torrent. තව කට්ටියකට torrent වල කිසිම විශේෂත්වයක් නෑ. ඇයි මේ එක එක කට්ටිය එක එක විදියට එකම දෙයක් දකින්නේ? ඒක torrent වල තියෙන විශේෂ ලක්ෂණයක්ද? අපෝ නෑ. ඒක මේ ලෝකේ හැටිනේ. මිනිස්සු ලෝකේ දකින්නේ තම තමන්ට කැමති විදියට. ඒකෙත් වැරද්දක් නෑ. ඒත් සමහර අය ඉන්නවා එයාල ලෝකේ දකින්නේ වෙන කට්ටියට ඕනේ විදියට. Torrent වලට අකමැති අයගෙන් ගොඩ දෙනෙක් එහෙමයි. හරියට දැනගන්නේ නැතුව අනුන් අකමැති නිසා තමනුත් අකමැති වෙනවා. ඔන්න දැන් මීට පස්සේ එහෙම වෙන්න ඕනේ නෑ. හරියට දැනගන්නකො torrent ගැන.
ඔන්න අද මම කතාකරන්න යන්නේ හැමෝම වගේ දන්නා දෙයක් ගැන. දන්නවා උනාට කමක් නෑ. කියවල ඉන්නකෝ. සමහරවිට නොදන්නා කරුණු තියෙන්නත් පුළුවන් නේ. "Torrent". සමහර අයට මේ වචනේ කිව්වත් තරහ යනවා. තවත් සමහර අය IT ගැන කතා කරද්දී කැමතිම වචනේ Torrent. තව කට්ටියකට torrent වල කිසිම විශේෂත්වයක් නෑ. ඇයි මේ එක එක කට්ටිය එක එක විදියට එකම දෙයක් දකින්නේ? ඒක torrent වල තියෙන විශේෂ ලක්ෂණයක්ද? අපෝ නෑ. ඒක මේ ලෝකේ හැටිනේ. මිනිස්සු ලෝකේ දකින්නේ තම තමන්ට කැමති විදියට. ඒකෙත් වැරද්දක් නෑ. ඒත් සමහර අය ඉන්නවා එයාල ලෝකේ දකින්නේ වෙන කට්ටියට ඕනේ විදියට. Torrent වලට අකමැති අයගෙන් ගොඩ දෙනෙක් එහෙමයි. හරියට දැනගන්නේ නැතුව අනුන් අකමැති නිසා තමනුත් අකමැති වෙනවා. ඔන්න දැන් මීට පස්සේ එහෙම වෙන්න ඕනේ නෑ. හරියට දැනගන්නකො torrent ගැන.
Torrent කියන්නේ file sharing ක්‍රමයක්. ලෝකේ බොහෝ දෙනාගේ පිළිගැනීමේ හැටියට torrent ක්‍රමය තමයි දැනට තියෙන හොදම file sharing ක්‍රමය. File sharing කිව්වේ තමන් ළඟ තියෙන දෙයක් පින්තුරයක්, සින්දුවක්, චිත්‍රපටියක් වගේ ඕනෑම දෙයක් අන්තරජාලය හෝ වෙනත් එවන් මාර්ගයකින් ලෝකේ පුරා ඉන්න කට්ටියට ලබාගන්න සැලැස්වීමයි. Torrent ඇරෙන්න තියෙන අනිත් ක්‍රම ගත්තොත් e-mail, direct up/download වගේ ඒවා කියන්න පුළුවන්. නමුත් torrent ක්‍රමය අනිත් ඒවාට වඩා ටිකක් වෙනස්. Torrent වලදී අනිවාර්යෙන්ම දෙදෙනෙක් හෝ වැඩි දෙනෙක් එකම අවස්ථාවේ සම්බන්ද විය යුතුයි. මොකද torrent වලදී file එකක් අපේ පරිගණකයට download වෙන්නේ ඒ වෙලාවේ ඒ file එක තියෙන කෙනෙක්ගේ පරිගණකයෙන්. Server එකකින් නෙමෙයි. (අපි එදිනෙදා සාමාන්‍යයෙන් පාවිච්චි කරන direct download ක්‍රමයේදී අපිට file එක ලැබෙන්නේ ඒ සඳහා වෙන් කරපු server ගනයේ පරිගණකයකින්)
Torrent වලදී පාවිච්චි වෙන මේ ක්‍රමයට කියන්නේ p2p හෙවත් peer to peer ක්‍රමය කියලයි. සාමාන්‍ය පරිගණකයකින් තවත් සාමානය පරිගණකයකට දත්ත හුවමාරු කරගැනීම. නමුත් torrent කියන්නේ මේ p2p තාක්ෂනය යොදාගත්ත පලවෙනි ක්‍රමය නෙමෙයි. ඊට කලින් තවත් ක්‍රමයක් තිබුනා. නමුත් ඒ ක්‍රමයේදී බරපතල විදියට නීතිමය ගැටළු ඇති උනා, ඒ නිසාම p2p තාක්ෂනය මිනිස්සුන්ට එපා උනා. නමුත් p2p තාක්ෂනය යොදාගන්න තවත් ක්‍රමයක් බිහි උනා, ඒ තමයි torrent. Torrent නිර්මාණය කරපු අය නීති ප්‍රශ්න මග ඇරලා තමයි ඒක හදල තියෙන්නේ. ඒ නිසා torrent භාවිතයේදී නීති ගැන බය වෙන්න දෙයක් නෑ. (නමුත් SOPA, PIPA නීති සම්මත උනොත් මේක වෙනස් වෙන්න ඉඩ තියෙනවා)
Torrent file එකක් කියන්නේ අපිට ඇත්තටම බාගන්න උවමනා file එක නෙමෙයි. සාමාන්‍යයෙන් ඉතාම පුංචි 50kb-900kb අතර වගේ වෙන torrent file එකක තියෙන්නේ අපිට උවමනා file එක ගැන විස්තර. ඒ කිව්වේ ඒ file එක තියෙන තැන් කියල සරලව අදහසක් ගන්න පුළුවන්. Torrent භාවිත කරන්න නම් අපි ළඟ තියෙන ඕනේ "Torrent Client" කියන පුංචි tool එකක්. ලෝකේ පලවෙනි torrent client එක තමයි Bittorrent කියන්නේ. මේ වෙනකොට නම් torrent client විශාල සංඛ්‍යාවක් තියෙනවා. නමුත් මේවා අතරින් වඩාත්ම ජනප්‍රිය client එක තමයි µtorrent කියන්නේ. µTorrent කියල ලිව්වට මේක කියවන්නේ මයික්‍රෝ ටොරන්ට් කියලයි. µ කියන්නේ ග්‍රීක අකුරක්, ඒක පාවිච්චි වෙන්නේ ඉතා කුඩා කියන අදහසින්. අපි මුලින්ම torrent site එකකින් torrent file එකක් download කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ torrent file එක client එක හරහා විවෘත කරගන්න ඕනේ. එතකොට client එක ලෝකේ පුරා ඉන්න torrent user ලව සම්බන්ද කරගන්නවා. මේ userලට අපි විශේෂ නමක් කියනවා. ඒ නම තමයි peer කියන්නේ. අපි අවශ්‍ය file එක, ඒ කිව්වේ film එකක්, soft එකක් වගේ file එක download කරලා ඉවර උනාම අපිටත් පුළුවන් ඒ file එක අවශ්‍ය කට්ටියට ලබාගන්න හැකිවෙන විදියට upload කරන්න. එතකොට අපිට කියන නම වෙනස් එකක්, එතකොට කියන්නේ seed කියලයි. ඇත්තටම torrent ක්‍රමය පවතින්නේ මේ upload කරන එක මත. ඒ නිසා torrent හැමදාම තියෙනවට කැමති නම් මොකක් හරි බෑවට පස්සේ upload කරන්න අමතක කරන්න එපා. එහෙම upload නොකර ඉන්න කට්ටියට තවත් නමක් කියනවා, leech ඒ කිව්වේ කූඩැල්ලා කියලයි කියන්නේ.(සාධාරණයි නේ?)
Upload කරන්න මුකුත් කරදර වෙන්න ඕනේ නෑ. බෑවට පස්සේ client එකෙන් exit නොවී හිටියම හරි, එතකොට ඉබේම upload වෙනවා. ඒ විතරක් නෙමේ, අපි download කරලා ඉවර වෙන්නත් කලින් ඉදන්ම දැනට අපි සතු කොටස් වලින් upload වීම සිදුවෙනවා. සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් upload කරත් නොකරත් වෙනසක් නෑ කියල. එහෙම හිතන්න එපා. ඇත්තටම වෙනසක් තියෙනවා. Client එකේ බලන්න, share ratio කියල එකක් ඇති. අන්න ඒක මත තමයි අපි ඊළඟට බාන torrent එකේ වේගය තීරණය වෙන්නේ. ඒ නිසා අමතක නොකර share ratio එක 1.00 පනිනකන් වත් upload කරන්න.
ඊලගට කියන්නම් හොද torrent එකක් හොයාගන්නේ කොහොමද කියල. මුලින්ම මතක තියාගන්න virus, trojan වගේ විනාශකාරී දේවල් පැතිරෙන ප්‍රධාන ක්‍රමයක් තමයි torrent කියන්නේ. නමුත් පරිස්සම් වෙන්න දන්නවා නම් බය වෙන්න දෙයක් නෑ. Torrent file හොයාගන්න හොද විශ්වාසවන්ත site තියෙනවා. මම පහලින් සඳහන් කරන්නම්. ඒ වගේම තමයි torrent file search කරනකොට ගොඩාක් වැදගත් දෙයක් තමයි seed ප්‍රමාණය. Seed ල අඩු නම් torrent එක බාන්න දවස් ගානක් යයි. Seed ගාන වැඩි ටොරන්ට් එකක් තොර ගන්න. ඒ වගේම අදාල torrent එක යටතේ තියෙන comments කියවල බලන්න. ප්‍රතිචාර හොද නම් විතරක් බාන්න, නැත්නම් එපා.
Torrent බාද්දී speed එක මදි නම් කරන්න තව දෙයක් තියෙනවා. යන්න torrent එක හොයාගත්ත site එකට. ඒකෙ ඇති trackers list එකක්. ඒ list එක සම්පුර්ණයෙන්ම copy කරගන්න. Client එකේ තියෙන torrent නම double click හෝ right click>properties යන්න. එතන ඇති trackers කියල එකක්. එතනට paste කරන්න trackers list එක. සමහරවිට site එකෙන් හොයාගන්න බැරි වෙයි. එහෙම උනොත් google කරලා බලන්න. Google කරද්දී torrent එකේ hash එක එක්කම search කරන්න. Hash එක හොයාගන්න අමාරු නෑ. Client එකේ torrent file එක ගැන විස්තර තියෙන තැන ඇති. Right click කරලා copy කරගන්න. ඊට පස්සේ ඒකෙන් search කරන්න. කොහොමහරි tackers ටික ඇතුලත් කරාට පස්සේ torrent එක උඩ right click කරලා update trackers දෙන්න. තව දෙයක්, trackers ටික ඇතුල් කරනකොට හැම trackers ල දෙන්නෙක් අතරම එක පේලියක් ඉඩ තියන්න.
මැජික් මියුසික් මේකර්
මෙම මෘදුකාංගය භාවිතාකොට සංගීත තනු නිර්මාණය කළ හැක.එසේම තිබෙන සංගීත තනුවල අවශ්‍ය තැන් සංස්කරණය කරමින් අලුත් නිර්මාණ කළ හැක.එනම් මෙම මෘදුකාංගය භාවිතා කොට ප්‍රවින අධ්‍යක්ෂකවරයෙක් මෙන් විවිධ නිර්මාණ කිරීමට පුළුවන.දැනට භාවිතාවන සියළුම සංගීත භාණ්ඩ වලට අදාළ ශබ්ද හා නාද රටා වෙන් වෙන්ව මෙහිදී ලබා ගත හැක.එසේම සකස් කර ගනු ලැබූ සංගීත නිර්මාණ MP3 player, ipod සහ ජංගම දුරකථන වල සවන් දීමට හැකි ආකාරයට සකස් කළ හැකිය
මම මේක create කරලා බැලුවා.ඒක හරිම ලේසියි.මගේ studentsලටකියලා දුන්නා මේක හදන ක්‍රමය.try කරලා බලන්න.
![]() |
change it like this ..... |
- මම website එකක් දැක්කා. මෙන්න මේ වගේ රේඛා චිත්‍ර(pencil sketches) එකෙන් අදින්න පුළුවන්.
Try it...........
- මේ පහල තියන ලින්ක් එකෙන් සිංහල නවකථා download කරලා කියවන්න පුළුවන්.
http:/www.eleganttalks.com/p/sinhala-novels.htm
මට හොයාගන්න ලැබුන හොදම වෙබ් අඩවියක් මේ.old හා new hindi songs මේකෙන් download කරන්න පුළුවන්.
http://downloadming.info/
ඩොන්ගල් එකේ සිග්නල් වැඩි කරමු
මගේ යාළුවන් ට මම මෙන්න හොද දෙයක් හොයා ගත්තා.අපේ යාලුවෝ ගොඩක් දෙනෙක් කියන දෙයක් ටම 3Gසිග්නල් අඩුයි කියන එක.ඉතින් මම මේක හොයා ගත්තේ Skypeයන්න සිග්නල් අඩුයි කියන අපේ යාළුවන් වෙනුවෙන් මයි.(ඔන්න ප්‍රදිට එහෙම නෙවෙයි මම කිව්වේ)LOL
ඔයාලට පහත දාලා තියෙන බඩු ටික උවමනා වෙනවා.
Dongle(මෙවා ඔයාලා ලඟ තියනවනේ)


USB Extension cable ( 10 meter තියනවනම් හොඳයි 5ක් තිබුනත් ඇති)


8 Pieces of Single Core wires(මොනවද කියලද බලන්නේ ! ඔන්න E-Bay සයිට් එකෙන් ගෙදරටම ගෙන්න ගන්න ලින්ක්-http://goo.gl/jeyBh
http://goo.gl/ZGs1A
(මේවා හොයා ගන්න නැති කට්ටියටත් ක්‍රමයක් තියනවා අවසානයටම රූපෙකුත් එක්ක)

මුලින්ම USB කේබල් එක අරගෙන මේ පහත රූපයේ විදියට සකසා ගන්න.
උවමනාවට වැඩිය ඔය Single Core wires දාන්න එපා 8 ක් විතර දාපුවම ඇති.
ඊලඟට Single Core wires අගින් ටිකක් නමන්න.

දැන් USB Cable එයට ඩොන්ගල් එක සවි කරන්න පහත විදියට.

දැන් සිග්නල් වැඩි වෙනවා. හැබැයි පහත විදියටම කරොත් තවත් හොඳයි
# ඩොන්ගල් එක සහිත USB Cable එක මුලු වල තියන්නේ නැතිව එළියට විවෘත්ව තියන්න(ඒ කියන්නේ අස්සක තියන්නෙ නැතිව උඩකින් එළියට වෙන්න තියන්න)
# හොඳට හිරු එළිය තියන හුලං තියන ස්වාභාවික පරිසරයක ඩොන්ගල් එක සහිත USB Cable තියන්න.
දැන් ඔය Single Core wires නැති කට්ටිය මේ පහත රූප වල තියෙන විදියට කරන්න.
ඔන්න මුකුත්ම නැත්තන් ඇලුමිනිම් තේ ගොට්ටක් උනත් ගන්න පුලුවන් (මේ ක්‍රමය ගෙන මුලින්ම අපි ට කියල දුන්නේ නිසල සර් .)




පරිගනකයක් ටික කාලයක් භාවිතා කරන විට හාඩ් ඩිස්කයේ ඉඩ ප්‍රමානය අඩුවීම බොහෝ දෙනෙකුට පවතින ගැටලුවකි.සමහර අවස්තා වලදී කිසිම හේතුවක් නැතිව සිදුවන්නක් ලෙස පෙනෙන්නට තිබේ.හාඩ් එක තුල තැම්පත්වන අනවශ්ය ෆයිල් නිසා බොහෝ විට මේ ආකාරයට එහි ඉඩ ප්‍රමානය අඩු වෙන්න පුලුවන්.මේක විසදුම තියනවා.මෙය මෙගාබිට් 2 පමන කුඩා සොෆ්ට් එකක්..
පහලින් බාගන්න..
http://www.uderzo.it/main_products/space_sniffer/download.htmlසමහර මෘදුකාංග වල serial keys හොයාගන්න අමාරුයි .මේ වෙබ් අඩවි වලින් ඒවා හොයා ගන්න පුළුවන්.
http://www.astalavista.ms
http://www.crackdb.org
http://www.cracklib.net
http://www.cracks.am
http://www.cracksearchengine.net
http://www.cracksfm.com
http://www.cracktop.com
http://www.gamecopyworld.com
http://www.keygen.in
http://www.keygenguru.com
http://www.serialcrackz.com
http://www.serialkey.net
http://www.serialportal.com
http://www.serials.be
http://www.smartserials.com
http://www.subserials.net
http://www.supercracks.net
http://www.youserials.com
http://www.zcrack.com
රු:20 ට pen 1ක් හදමු
(උපුටා ගන්නා ලදී)
යාලුවනේ, ඔයාල දැනගෙන හිටියද Windows 7 වල pen drive එකක් විදිහටDVD write කරන්න පුලුවන් කියලා? මේ විදිහට write කරොත් අපිට ඕනෙ වෙලාවක අපේ files, DVD එකේ තියෙද්දිම edit කරන්න පුලුවන්. ඕනෙනම් තියෙන file delete කරන්න, අලුත් file add කරන්න පුලුවන්. Pen driveඑකක වගේම. ඒ උනාට මේ DVD එක read, write කරන්න පුලුවන්Windows xp, Vista, 7 වල විතරයි.කොහොමත් අපි ඔය OS නේ..
මෙහෙමයි DVD එක හදාගන්නෙ.
1. හිස් DVD එක writer එකට දාල autorun එනකල් ඉන්න.
2. දැන් Burn files to disk using Windows explorer thooranna.
3. Disk එකට කැමති නමක් දෙන්න.
4. "Like a USB flash drive" option එක තෝරල Next click කරන්න.
5. දැන් "Formatting..." message එක එයි. Format උනාට පස්සෙ අපේDVD එක pen drive එකක් වගේ වැඩ කරනවා.
6. දැන් pen එකකට data copy කරනව වගේ DVD එකට data copyකරන්නයි තියෙන්නෙ.
Pen එකක් තරම් speed නම් නෑ. අලුතින් දැනගත්ත අය වැඩේ කරලම බලන්න. වැරදුනත් රු.20 යි.
pen drive vs memory card
මට දවසක් files වගයක් pen drive එකට දාගන්න ඕනෙ උනා.එත් මගේ pen drive එක තිබුනේ නේ.ඒත් මට මේක කොහොම හරි අරන් යන්නත් ඕනේ.ඊට පස්සේ මට මතක් උනා මගේ phone එකේ තියන memory කාඩ් 1.data cable එකෙන් මට ඕනේ file එක phone එකට දාගත්තා.ඔන්න phone එකේ memory කාඩ් එකක් තියනවා නම් flash drive ඕනේ නෑ.එත් data cable 1ක් නම් ඕනේ.එකක් රු150/= වගේ ගන්න පුළුවන්.වැඩ ගොඩක් කරගන්නත් පුළුවන්.අළුතින් pen එකක් ගන්නේ නැතුව phone එක use කරන ක්‍රමයයි මම ඒ කිව්වේ.
දුර තිබෙන පරිගනකයකට පිවිසෙමු
මෙකෙන් ඔයාට පුලුවන් වෙන කෙනෙකුගෙ කොම්පියුටර් එකක් සම්පුර්නයෙන්ම පාලනය කරන්න.පහලින් මේක ලබා ගන්න පුළුවන්.අපිට වෙන ස්ථානයක සිට pretension එකක් එහෙම පෙනන්න පුළුවන් මෙය භාවිතා කරලා.නමුත් අන්තර්ජාලය හා සම්බන්ධ වීම අවශ්‍යයි.
![]() |
Add caption |
දැන් ඔබට තියෙන්නෙ මෙහි id නම් කොටස ඔබෙ යුසර් නෙම් එක සහ පාස්වඩ් එකක් පෙන්නයි..එසෙ පෙන්නන්නෙ ඔබ නෙට් කොනෙක්ට් වෙලා තිබුනොත් විතරයි..
දැන් ඔබෙ මිතුරාගෙන් ඔබ එම පරිගනකයට මෙම සොෆ්ට් එකෙන් ලබා දි ඇති id එක ලබාදි conect to partner clik කරන්න.එවිට ඔබගෙන් මිතුරාගෙ පාස්වඩ් එක ඉල්ලනවා…ඒක එයාගෙන් ඉල්ලගෙන ඕකෙ කරන්න..
දැන් ඔබට ම්තුරාගෙ පරිගනකයෙ ඩෙක්ස්ටොප් එක දැකගත හැකිවෙ..ඔබට දැන් අවශ්‍ය වැඩසටහන් හසුරුවන්න පුළුවන්.
YouTube video
අපි හැමෝම YouTube video බාගන්න එක එක මුදෘකාංග බාගෙන ඉන්ස්ටෝල් කරගන්නවා. .මේකVdownloader.පහල තියන ලින්ක් එකෙන් ලබා ගන්න පුළුවන්.
http://getvdownloader.com/3.9.990/VDownloaderSetup.exe
SkyDrive යනු Microsoft සමාගම විසින් පවත්වාගෙන යන Online Storage එකකි. මෙය සෑම කෙනෙකුටම නොමිලේ ලබාගත හැකි පහසුකමකි. මෙම සේවාව හරහා අප පරිගණකයේ තිබෙන දත්ත මෙහි තැම්පත් කර තැබීමට ඉඩ ප්‍රස්ථාව ලබාදී තිබේ. ඔබගේ ගිණුමට ඇතුලත් කරන ලද දත්ත වෙනත් ඕනෑම පරිගණකයකින් අන්තර්ජාලව වෙත පිවිස මෙහි ඇති තොරතුරු ඔබට සැනෙකින් ලබාගත හැකියි. මෙය නිර්මාණය කර තිබෙන්නේ Cloud Computing ආකාරයටය. මෙහිදී අපට 25GB ඉඩ ප්‍රමාණයන් දත්ත ගබඩා කිරීම සදහා හිමි වන අතර, මෙයට ඔබ සතුව තිබෙන 50MB ට වඩා අඩු ඕනෑම ගොනුවක් තැම්පත් කර තැබිය හැකියි. ඔබ විසින් මෙයට දත්ත ගොණු මගින් ගීත, ජායාරූප, විඩියෝ, කුඩා මෘදුකාංග සේම ඔබට අවශ්‍ය දත්ත ගොනු තැම්පත් කර ආරක්ෂිතව තැම්පත් කර තැබිය හැකියි. මෙය බොහෝ කලත් සේ ඔබට ලබාදෙන සේවාවකි. පසුගියදා මෙහි නවතම සංස්කරණය නිකුත් කරනු ලැබුවා ඒ අනුව ඔබට දැන් වඩාත් පහසුවෙන් File හැසිරවීම, මුහුණු පොත තුලට Share කිරීමට හෝ වෙනත් තැනකට හුවමාරු කිරීමේ කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. SkyDrive හි තිබෙන පිංතූර ඇල්බම Facebook වැනි සමාජජාල අඩවි තුලටද Share කර, ඔබ මිතුරන් අතරේ ඔබේ අත්දැකීම් බෙදාගන්නට පුළුවන. මෙම සේවාවන් සමගම iOS සහ Windows Phone 7 සදහා SkyDrive Apps නිකුත් කර තිබීම නිසා ඔබගේ ජංගම දුරකථනය හරහා උනත් මෙම ගිණුම හැසිරවීම සිදු කල හැකියි.
වයි-ෆයි තාක්ෂණය
(උපුටා ගන්නා ලදි)
මම අන්තර්ජාලය භාවිතා කරන්නේ slt router එකක මගින් wi-fi වලින්. මට ඒ ගැන හොයලා බලන්න හිතුණා.මට ඒ තාක්ෂනය ගැන තොරතුරු හොයද්දි මේ විස්තර ලැබුනා.අපිට 10 m පමණ දුරක් මේ හරහා රැහැන් රහිතව භාවිත කරන්න පුළුවන්.මගේ අත්දැකීමේ හැටියට ඊට වඩා ටිකක් වැඩියෙන්.මම (ඔන්න ප්‍රදිට එහෙම කිව්වා Skype චැට් කරන්න අපේ ගෙදර එන්න කියල.wi-fi තිබුනට computers නම් ගොඩක් මෙහෙ නෑ.ඒ නිසා මතක් කරලා එද්දී ලැප්ටොප් එක අරන්න එන්න.)
1991 දී වයි-ෆයි තාක්ෂණය සොයා ගත්තේ ඒටී ඇන්ඩ් ටී සහ එන්සීආර් කෝපරේෂන් (AT&T, NCR Corporation) නම් ආයතන දෙක එක්වය. මෙහි පුරෝගාමියා වූ වික් හේයස් සැලකුම් ලබන්නේ වයි-ෆයි තාක්ෂණයේ පියා ලෙසය. මොහු මෙම තාක්ෂණය ලොවට දායාද කලත් මේ වන විට මේ පිළිබදව සම්පූර්ණ බලය තිබෙන්නේ, Wi-Fi Alliance නම් ජාත්‍යන්තර මට්ටමේ සමාගමකටය.
රැහැන් රහිත ක්‍රමයට වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දෙන්නට අද තිබෙන හොදම තාක්ෂණය වයි-ෆයි ය. අනෙක් අතට දුප්පත් රටවල ලාභදායී ක්‍රමයකට අන්තරජාලය ලබා දෙන්නට මේ හොද මෙවලමකි. වයි-ෆයි තාක්ෂණය කෙතරම් ප්‍රයෝජනවත්ව යොදා ගත හැකිද කිවහොත් දියුණු රටවල් දැනට සිට ගම් නගර වලට වයි-ෆයි තාක්ෂණයෙන් නොමිලේ ඉන්ටර්ට් ලබා දෙයි.
රැහැන් රහිත ක්‍රමයට හෙවත් වයර්ලස් ක්‍රමයට ඉන්ටර්නෙට් දිම ගැන මතක් කරන විටම මතක් වෙන වයි-ෆයි ගැන කාතා දැන් තම තමාගෙ යහපත් සෞඛ්‍ය ගැන කතා කරන විටත් මතක් වෙන්නෙ, වයි-ෆයි ජාලයක් නිසා නරක සෞඛ්‍ය බලපෑම් ඇතිවෙන්නට පුළුවන් බවට පැතිරෙන ආරංචි නිසාය.......මේ අරන්ච් නිසා ගොඩක් දෙනෙක් බිහෙන් සිටියා.
වයි-ෆයි විකිරණ සෞඛ්‍යයට නරක බලපෑම් ඇති කරන්නේය අය අදහස මෙයිට කලින් ගොඩක් කතා බහට ලක් වූ කාරණයක්, මෙය පැරති උවේ, BBC Panorama නම් වැඩසටහනෙනි.
එම වැඩ සටහන මගින් ඉදිරිපත් කලේ බ්‍රිතාන්‍යයේ බර්කින්හැම්ෂයර් ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකුගේ අත්දැකීමකි. ඔහු කියා සිටියේ තම පංතියට වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා දෙන්නට යොදා ගැනෙන රවුටරය ක්‍රියාත්මක කල විට හිසරදය හා ඔක්කාරය ඇති වන බවයි.එම එලි කිරීම ඕස්සේ සිය ගවේෂණාත්මක ප්‍රවෘත්ති කලාව මෙහෙයවූ BBC ය කීවේ වයි-ෆයි සම්බ්ධය ඇති ලැප්ටොප් පරිගණයක් අසල පැතිරෙන සංඥාවල (Signal) බලසම්පන්නකම ජංගම සුරකථන කුළුනක් ළග ඇති සංඥා මෙන් තුන් ගුණයක් බවයි.
මේ ප්‍රවෘත්තිය සමග වයි-ෆයි තාක්ෂණය සෞඛ්‍යයට හොදද - නැද්ද යන්න ගැන සිංවාදය ඉස්මතු වුණේය. බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සියේ (Health Protection Agency) සභාපති ශ්‍රීමත් විලියම් ස්ටුවර්ට් කීවේ වයි-ෆයි ගැන නැවත සලනා බැලීමක් අවශ්‍ය බවයි
ඒ සමගම බ්‍රිතාන්‍යයේ ජංගම සන්නිවේදනය සම සෞඛ්‍ය පර්යේෂණ ආයතනයේ (MTHR – Mobile Telecommunications and Health Research) සභාපති මහාචාර්ය ලව්රි චැලිස් කීවේ වයි-ෆයි රවුටරයක් අසල තිබෙන සංඥාවල ප්‍රබලතාව රජයේ සම්මත ප්‍රමිතියට වඩා හයසිය ගුනයකින් දුර්වල බවයි. එනිසා වයි-ෆයි වලට බිය විය යුතු නැති බව ඔහුගේ අදහසයි.
අවසන් වශයෙන් බ්‍රිතාන්‍යෙයේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය මේ ගැන තීන්දුවක් දුන්නේය. ඔවුන් කීවේ වයි-ෆයි සංඥා ඇති තැනක යමෙක් අවුරුද්ධක් තිස්සේ වාඩි වී සිටින විට සිරුරට අතුළුවන කිරණ ප්‍රමාණය සමාන වන්නේ විනාඩි විස්සක ජංගම දුරකථන සංවාදයකදී සිරුරට අතුළුවන කිරණ ප්‍රමාණය බවයි.
කෙසේ වෙතත් මහජනයාගේ සිතෙහි ඇති වූ බිය තරන් කරන්නට මේ වැයම සමත්ව නැත
වයි-ෆයි තාක්ෂණයෙන් රැහැන් රහිත ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගන්නන් විඩියෝ ක්‍රීඩා කරන්නන් වැනි බොහෝ දෙනා මේ ගැන කුතුහලයෙන් සිටින්නේ ඒ නිසාය. වයි-ෆයි (Wi-Fi) යනු (Wireless Fidelity) යන සම්පූර්ණ නම කෙටිකර සකසාගත් කෙටි යෙදුමකි. මේ යෙදුමෙන් හදුන්වන්නෙ රැහැන් රහිත ජාලයක් (Wireless Network) හරහා තොරතුරු පතුරුවා හැරීමේ (විකාෂණය කිරීමේ) ප්‍රමිතියයි.
රැහැන් රහිත ජාල හරහා තොරතුරු හුවමාරු වන්නේ සෙලියුලර් දුරකතන, රූපවාහිනී, රේඩියෝ යන්ත්‍ර වැනි උපකරණවල යොදාගන්නාක් මෙන් රේඩියෝ තරංගවලිනි. මෙසේ රේඩියෝ තරංග සම්ප්‍රේශණය සදහා තිබිය යුතු මූලික ඕනෑකම් වන්නේ වයර්ලස් රවුටරයකි.
මෙම රවුටරයේ තිබෙන ඇන්ටනා මගින් පරිගණක දත්ත රේඩියෝ තරංග බවට හරවනු ලබයි මේ සදහා පරිගණකයේ තිබිය යුතු අවශ්‍යතාවය වන්නේ වයි-ෆයි ඇඩැප්ටරයකි. මෙය යූඑස්බී ඇඩැප්ටරයක් නැතිනම් පීසි කාඩ් එකකි.
මේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කළ පරිගණකයක් වයි-ෆයි ජාලයක් හරහා ඉන්ටර්නෙට් සමග සම්බන්ධවීමේදී මූලික වශයෙන් සිදුවන ක්‍රියාවලි දෙකකි. පරිගණකයේ ඇති වයර්ලස් ඇඩැප්ටරය මගින් දත්ත රේඩියෝ තරංග බවට හරවා ඇන්ටනාව මගින් ඒවා සම්ප්‍රේශණය කරයි.
රැහැන් රහිත රවුටරය එම දත්ත ලබාගෙන ඒවා පරිගණක දත්ත බවට ආපසු හරවයි. ඉන්පසු ඒවා සාමාන්‍ය රැහැන් ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධකෙරේ.
මෙසේ ඉන්ටර්නෙට් සමග රැහැන්වලින් සම්බන්ධ වූ රවුටරයක තිබෙන කාමරයක් තුල පිහිටුවන්නට පුළුවන. එලිමහනක පිහිටුවන්නටත් පුළුවන්, කොහොම නමුත් මේ රවුටරයෙන් තරංග සම්ප්‍රේශණය කරන හා ලබා ගන්නා බල ප්‍රදේශයක් තිබේ. මේ බල ප්‍රදේශයේ ඇති වයි-ෆයි සම්බන්ධතාවය ලබාගත හැකි තැන් හොස්ට්පොට්ස් (hotspots) නම් වේ. ඒ කියන්නේ ඇඩැප්පරය සහිත ලැප්ටොප් එකක් රැගෙන යන්නෙකු වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගන්නට නම් මෙවැනි වයි-ෆයි හොස්ට්පොට් එකට අතුලු විය යුතුය.
වයි-ෆයි හොට්ස්පොට් එකක් සිසාරා විසිරී පැතිරී තිබෙන රේඩියෝ තරංග ජංගම දුරකථන, වෝකිටෝකි, රූපවාහිනි යන්ත්‍ර යනාදිය හුවමාරු කරන රේඩියෝ තරංග වුවත් මේවායේ සංඛ්‍යාතය ඒ හැමටම වඩා ඉහලය. ඒ නිසා මේවාට වැඩි තොරතුරු ප්‍රමාණයක් හුවමාරු කරගන්නට පුළුවන.
වයි-ෆයි ජාලයකදී දත්ත හුවමාරු කරන්නේ ලෝක මට්මෙන් තාක්ෂනික ප්‍රමිති සාදන ඇමරිකාවේ ඉලෙක්ට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවන්ගේ ආයතනය (IEEE – Institute of Electrical and Electronics Engineering) නියමයන්ට අනුවය. ඔවුන් සැකසූ 802.11 යන ජාල ප්‍රමිතිය (802.11 Networking Standard) මෙහිදී යෙදා ගැනේ.
මෙයින් මුලින්ම ඉදිරිපත් වූයේ 802.11b නම් ප්‍රමිතියයි. ගිගා හර්ට්ස් (GHz) 2.4ක සංඛයාත පරාසයෙන් දත්ත හුවමාරු කරන මෙහි දී තප්පරයකට මෙගාබයිට් 11ක වේගයෙන් තොරතුරු හුවමාරු කරන්නට පුළුවන. 802.11g ලෙස හදුන්වන ප්‍රමිතිය ඊට පසු ආ ප්‍රමිතිය අනුව ද ගිගාහර්ඩ්ස් 2.4ක සංඛ්‍යාත පරාසයේම දත්ත සම්ප්‍රේශණය කලත් එහි වේගය වැඩිය. එය තප්පරයකට මෙගාබයිට් 54කි.
වයි-ෆයි ජාලයක් වැඩ කරන හැටි
01) වයි-ෆයි හොට්ස්පොට් එකක් නිර්මාණය වන සේ ගොඩනැගිලි වල, පහන් කණුවල හා වෙනත් ස්ථානවල ඇන්ටනා සවි කරයි.
02) වයි-ෆයි ජාලයකට යොමු කෙරෙන මූලික ඉන්ටර්නෙට් සම්බන්ධය (Source internet connection) ඇති ඩෙස්ක්ටොප් පරිගණකය හෝ සර්වර් පරිගණකය ඇන්ටෙනාව සමග රැහැන් රහිතව හෝ සහිතව සම්බන්ධ කෙරේ.
03) දැන් සමහර මොබයිල් ෆෝන්වලටත් පාම්ටොප් පරිගණකවලටත් වයි-ෆයි තාක්ෂණය හදුනා ගැනීමේ මෙවලම් තිබෙන නිසා ඒවා හරහා ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ විය හැක.
04) ලැප්ටොප් පරිගණක ද වයි-ෆයි ලබා ගත හැකි උපාංග (ඇඩැප්ටර්) සමග එන නිසා දැන් ඒවාට ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ වෙන්නට පුළුවන.
802.11a මෙහිදීද මෙගාබයිට් 54ක වේගයෙන් දත්ත හුවමාරු කළ හැකි උවත් එහි සංඛ්‍යාත පරාසය ගිගාහර්ට්ස් 5 කි.
වයි-ෆයි තාක්ෂණයේ තිබෙන සුවිශේෂත්වය ද මෙතැනදී කිව හැක. එනම් වයි-ෆයි ක්‍රමයෙන් දත්ත සම්ප්‍රේශණය කෙරෙන ගිගාහර්ඩ්ස් 2.4 සහ 5 යන රේඩියෝ තරංග සංඛ්‍යාත පරාසය සදහා බලපත්‍ර ලබාගත යුතු නොවීමයි. මේ නිසා සාමාන්‍ය ගෙදර දොරේ වයි-ෆයි රවුටරයක් පිහිටුවූවත්, ඊටත් වඩා සෙනඟකට සේවය ගන්නට පුළුවන් සේ නගරයක වයි-ෆයි ඇන්ටනා කුළුණක් ඉදි කලත් සංඛ්‍යාත පරාසය වෙනුවෙන් විදුලි සංදේශ ආයතනවලට බදු ගෙවිය යුතු නැත.
වයි-ෆයි තාක්ෂණය යොදා ගෙන ඉන්ටර්නෙට් සම්බන්ධය හෝ වෙනත් ජාල සම්බන්ධතා හෝ ලබා ගන්නා විට මීට අමතර වශයෙන් තියෙන වාසි ද කිහිපයකි.
01) කේබල් යෙදීමේ අවශ්‍යතාවක් නැති නිසා ජාලය ස්ථාපිත කිරීම පහසුය.
02) බොහොමයක් ලැප්ටොප් සමග වයි-ෆයි ඇඩැප්ටර් සවි කොට තිබීම නිසා ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගැනීමට යන මූලික වියදමද අඩුය.
03) වයි-ෆයි ජාලයක් ස්ථාපිත කොට පවත්වා ගෙන යාම අනෙක් සන්නිවේදන ජාලයන්ට වඩා ලාභදායකය.
04) මේ වාසිදායක තත්වයන් සහිතව වුවත් වයි-ෆයි තාක්ෂණය යොදා ගැනීමේ යම් යම් සීමාවන්ද තිබේ. එනම්,
05) මේ සදහා යෙදවිය යුතු ශක්තිය ඉහල නිසා ලැප්ටොප් වල බැටරි කාලය අඩුවීම හා එහි රස්නය ඉහල යාම සිදුවේ.
06) වයි-ෆයි ජාලයක් බලපවත්වන්නේ සීමිත දුරකටය. ගෘහස්ත වයි-ෆයි රවුටරයක් නිසා උපදින හොට්ස්පොට් එකක් අඩි 150ක පමණ ප්‍රදේශයක් පුරා බලපවත්වයි. එසේම කුළුණු ආශ්‍රෙයන් පිහිටුවන හොට්ස්පොට් එකක් වුවත් බල පවත්වන්නේ අඩි 300ක පමණ දුරකටය.
07) වයි-ෆයි ජාලයක රහස්‍ය බව අඩුය. කුමන වයි-ෆයි ජාලයක් නොමිලේ ඇති කාටත් පහසුවෙන් සම්බන්ධවිය හැකි සංඛ්‍යාත පරාසයකින් සම්ප්‍රේශණ කටයුත් කරන නිසා යම් ජාපයකට පිටස්තර කෙනෙකු ඇතුළු වී තොරතුරු සොයා බැලීම පහසුය.
මේ තත්වයන් යටතේ වුවත් වයි-ෆයි තාක්ෂණය හොද අතට දියුණු කරන්නට නොයෙක් උපාය ලොකයා විසින් සොයමින් සිටී. නගර වැසියන් අතරනොමිලේ වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය දීම එවැන්නකි. මෙහිදී මුළු නගරයම ආවරණය වනසේ රවුටර් පද්ධතියක් පිහිටුවයි. සාමාන්‍යයෙන් තිබෙන රවුටරයකට යාබදව ඇති තවත් රවුටරයක් හදුනාගන්නට බැරි වුවත් නාගරික වයි-ෆයි ජාලයකදී එහි ඇති හැම රවුටරයක්ම යාබදව ඇති රවුටර් දෙකක් වත් හදුනාගන්නට පුළුවන්කම තිබේ. එසේම ඒ හරහා මුළු නගරයේම ඇති රවුටර් සියල්ල එකිනෙකට සමග සම්බන්ධ කෙරේ මෙසේ තැනූ වයි-ෆයි ජාලයකින් (Mesh Network) වැසී ගත් නගරයක ඕනෑම තැනකට යන්නෙකුට කිසි කරදයක් නැතිව සිය ලැප්ටොප් එකෙන් ඉන්ටර්නෙට් සමග සම්බන්ධ වෙන්නට පුළුවන.
ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා, පෙන්සිල්වේනියා, ෆ්ලෝරිඩා,ටෙක්සාස්, නිව් යොක් යන ප්‍රදේශවල මෙවැනි වයි-ෆයි ජාල (Municipal Wi-Fi Network) පිහිටුවා තිබේ. ඉන් ෆ්ලොරිඩාවේ සෙන්ට් ක්ලවුඩ්හි මහජනයාට වයි-ෆයි ඉන්ටර්නෙට් ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේය.
මෙසේ වයි-ෆයි ජාලයකින් වැසී ගිය නගරයක ධාවනය වන මොටර් රත එකිනෙකට හදුනාගැනීමට පුළුවන් සේ වයි-ෆයි තාක්ෂණය යොදා ගැනීමේ වැඩසටහනක් දැන් යුරෝපයේ ක්‍රියාත්මකයි. යුරෝපීයන් කාර් ටූ කාර් (European Car – 2 – Car) ලෙස නම් කොට තිබෙන මේ වැඩසටහනට දායකත්වය දෙන්නේ යුරෝපයේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාධන සමාගම් හා විශ්ව විද්‍යාල කීපයකි. මෙහීදී කරන්නේ වාහනවල වයි-ෆයි පද්ධති පිහිටුවා ඒවා අතර සම්බන්ධය ඇති කිරීමටය. එවිට නොපෙනෙන වංගුවකදී වුවත් එක් මෝටර් රථයකට අනෙක හදුනාගන්නට පුළුවන.
වයි-ෆයි තාක්ෂණයෙන් ජනයා හදුනාගැනීමේ ක්‍රමයක් ෆින් ලන්තයේ ඉකාහෝ (Ekahua) සමාගම හදුන්වා දී තිබෙනවා, මෙය වයි-ෆයි ජාලයකින් හදුනාගන්නට පුළුවන් රේඩියෝ ටැග් එකකි. මෙම ටැග් (Battery Powerd RFID Tags) වලට ගැලපෙන වැඩසටහනක් දුවන ලැප්ටොප් එකකින් හෝ ටැබ්ලට් පීසී එකකින් ඒවා හදුනා ගන්නට පුළුවන. දියුණු රට වල තිබෙන පරිගණක පද්ධති යොදා ගන්නා රෝහල්වල හෙදියන්ට, මේවා පැලැදී රෝගීන් දැන් සිටන්නේ කොතනදැයි දැන ගැනීම මෙමගින් පහසුය.
මේ විදිහට දියුණු රටවල් බොහොමයක පාසල් හා විශ්ව විද්‍යාල වයි-ෆයි ජාලවලින් පොහොසත්ය. එවැනි තැනක සිසුන් සිටින්නේ කුනම තැන්වල, කුමන ලෙසද කියා හදිසියකදී මෙමගින් ගැන ගත හැක.
කාර් - ටූ කාර් සන්නිවේදන ක්‍රමය
01) වාහනවල වේගය, ගමන් කරන දිශාව යනාදිය දැන ගැනීමට වාහනයේ වයි-ෆයි පද්ධතියක් පිහිටුවිය හැකිය.
02) දැන් මේ වාහනය ඉදිරියේ ඇති තැනක වදින්නට යනවා නම් ඊට කලින් ඒ බාධකය හදුනා ගෙන එලාම් හඩවා ඒ බව රියදුරාට කියයි.
03) කන්දියකට ආ වාහන දෙකක් මුණට මූන හමුවෙන්නට කලින් වයි-ෆයි පද්ධති එකිනෙකාට මුණ ගැසී ඉදිරියට වාහන යන බව කියයි.
බලන්න
.http://www.freegamepick.com/play.html?utm_source=VirtualVillagers&utm_medium=back
No comments:
Post a Comment